කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ “ව්‍යාප්ති හා පුහුණු” අධ්‍යක්ෂ අංශය යටතේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය ක්‍රියාත්මක කරනු ලබයි.පේරාදෙණියේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ, කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති මූලස්ථානය පිහිටා ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ අන්තර් පළාත් හා පළාත් යන කෘෂිකර්ම බල ප්‍රෙද්ශ දෙකම ආවරණය වන සේ දිස්ත්‍රික්ක මට්ටමින් “විෂයභාර නිලධාරීන්” (කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති විෂයට අදාලව) ද,ප්‍රාදේශීය මට්ටමේදී කෘෂිකර්ම උපදේශක නිලධාරීන්ද මඟින් කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන ක්‍රියාත්මක වේ.
අපේ මෙහෙවර
කෘෂිකාර්මික සංවර්ධනය සදහා කාන්තාවගේ දායකත්වය තීව්‍ර කිරීමෙන් පවුල් ඒකකයන්හි පෝෂණීය තත්වය, ජීවන තත්වය සහ සමාජීය තත්වය දියුණු කිරීමට අවශ්‍ය සේවාවන් සැපයීම.
අපේ අරමුණ
කාන්තාව, කේන්ද්‍ර කර පවුල් ඒකකයන් තුල පවුල් පරිසරය ප්‍රවර්ධනය කිරීම, තිරසාර අදායම් මාර්ගය උත්පාදනය කිරීම හා සවිබල ගැන්වීම.
අපේක්ෂිත ප්‍රතිඵල
- සක්‍රිය කාන්තා සංවිධාන ස්ථාපිත වීම සහ එමගින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ඉහල නැංවීමට දායක වීම.
- කාන්තා කෘෂිකාර්මික ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වීම සහ කාන්තා නිෂ්පාදන සදහා තිරසාර වෙළද පොළක් ඇතිවීම.
- පව්ලේ ආහාර පද්ධතිය, පෝෂණය දියුණු වීම හා ගෙවත්ත සංවර්ධනය වීම.
- ස්ව සම්පත් ප්‍රශස්ත අන්දමින් කළමනාකරණය කිරීමට හැකිවීම.
- කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ කාර්ය භාරය පිළිබද ඔවුන් තුල අවබෝධක් ඇති වීම.
- කාන්තා සංවිධාන තුල හා සංවිධාන අතර සාමුහිකව ක්‍රියා කිරීමෙන් අත්වන වාසි පිළිබද අවබෝධක් ඔවුන්ට ලැබීම.
- සංවර්ධන ක්‍රියාදාමයන් සදහා වූ සම්පත් පිලිබදව අවබෝධයක් ලබා ගැනීම.
- කාන්තා සංවිධාන වල සුරැකුම් සහ ආයෝජන වැඩි වීම.
- කාන්තා සංවිධාන අතර තිරසාර සම්බන්ධතා වර්ධනය වීම.
කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ කාර්යභාරය
අප සමඟ සම්බන්ධ වන්න
ලිපිනය
කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය,
පේරාදෙණිය
දුරකථන අංකය
0812384713
විද්‍යුත් තැපෑල
womenagriculture1972@gmail.com
